රටක ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන ප්‍රධාන කුළුණ වන ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සේම නිදහස් ස්වාධීන මාධ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීම බවත් මේ වන විට රජය අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වාත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වා වැඩි කරන්න උත්සාහ ගත්තත් මේ උපරිමාධිකරණ ද්විත්වයේම ගරු විනිසුරුවරුන් 8 දෙනකු පත් නොකර පුරප්පාඩු වී ඇති බවත් මෙවන් හිටිහැටියේ නිර්මාණය වන ව්‍යවස්ථා සංශෝධන තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මරු පහරක් එල්ල වී අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග එල්ල වනවා සේම විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලු රැසක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පදනම් ආයතනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද උපරිමාධිකරණය විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ මහජන සංවාදය හා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි
නීති සංගමය, කොළඹ මහඅධිකරණ නීති සංගමය, පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංගම් ආදි සංගම් රැසක් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ අගතිගාමී තත්ත්වය පෙන්වා දී ඇති බවත් අප රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කර ජනතාවගේ විශ්වාසය පලුදු නොකිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යුක්තිය පසිදලීම සේම නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට මෙය බරපතල අභියෝග එල්ල කරන බවත් මෙය අධිකරණ පද්ධතියට මරු පහරක් බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරන වරම කඩ නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මෙවන් හිටිහැටියේ නිර්මාණය වන ව්‍යවස්ථා සංශෝධන හරහා ජන වරම සමූල ඝාතනය කරනවා සේම අධිකරණයේ ස්වාධීනත්වය ද විනාශ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අප රටට අවශ්‍ය ඒකාධිපතිවාදය නොව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක් බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමටත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් සමගි ජන බලවේගය සුදානම් බවත් ඒකාධිපතිවාදය තුරන් කරන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
20 වැනි සංශෝධනය හරහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ප්‍රමාණය 12 සිට 20 දක්වාත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කර ඇති බවත් විනිසුරුවරුන්ගේ හිගතාවක් ඇත්නම් ප්‍රමාණය වැඩි කරන්න සුදානම් නමුත් මේ ආකාරයට විශ්‍රාම වයස වැඩි කිරීමට එකග නැති බවත් විනිසුරුවන් වැඩි කිරීම අධිකරණයට පහසුකම් ලබා දීම වුවත් මේ ආකාරයට විශ්‍රාම වයස වැඩි කිරීම අධිකරණය සතු ප්‍රතිරූපය බිද වැට්ටවීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Lanka Newsweek © 2026